AroundMaps Logo
Search
Add Listing

තිරික්කලේ - Thirikkalee

0

About තිරික්කලේ - Thirikkalee

වින්දනාත්මක රස්තියාදුවක හරවත් වූ රසවත් මතකයන්ට #traveling කලාවේ වෙනස් වූ සොබාදහම් #cult එක "තිරික්කලේ"

Tags

Description

වින්දනාත්මක රස්තියාදුවක හරවත් වූ රසවත් මතකයන්ට #traveling කලාවේ වෙනස් වූ සොබාදහම් #cult එක "තිරික්කලේ"

Map

Item Reviews - 14

Anynomous

"

"සිතැගි සේ කඩාහැලේන්න නිදහසේ" දුවිලි ඇල්ල- තිරික්කලේන්

"

26 July 2018

Anynomous

"

"සොබාදහම් භාවනාවක්" කැලෑබොක්ක , මාතලේ

"

23 July 2018

Anynomous

"

සොබාදහමේ අපූරුව විදින්න රැල්ලට හැම තැනම දුවන්න ඕනාද.. අපි අවට අපි නොදකින සුන්දරත්වය කොයි තරම් හැංගිලා තියනවද.? ඉර බහින හවසක පරිසරය රට මවන අපූරුව බලන්න ආසද.. සොබාදහම එක්ක තනිවෙන්න දොඩමළු වෙන්න.. කවුරු වුනත් ආසයි.. ඒ වගේම ඒකට සුදුසු නිසංසල පහසු තැනක් තියෙනවා නම් තවත් වටිනවා.. දඹුල්ල පාරේ එහම තැනක් ගැන මේ කියන්න යන්නේ.. ඉබ්බාගමුව මංසන්ධියට ආවම ඈතින් කන්දක් උඩ පේන පන්සලක් තියනවා.. ඉබ්බාගමුවෙන්ම තමා ඒකට නගින්න පාරත් තියෙන්නේ.. පංසලක් කීවට හාමුදුරුවන් වහන්සේලා නම් වැඩවසන්නේ නේ මෙතැන. අනික් සියල්ලම තියෙනවා.. විනාඩි දහයක පමණ ගමනකින් පසු මෙතනට එන්න පුලුවන්. මෙතනට මුලු වටයක්ම පේනවා.. ඒ වගේම මෙතනට යන්න සුදුසුම වෙලාව හවස් වරුවයි. ඉර බහින අපූරුවත් එක්ක රටා මවන් සුන්දරිය ,අහස දිහා බලන් ඉන්න කියාපු තැනක්.. ඒ වගේම චායාරූප මතක ටිකක් එකතු කරගන්න කියාපු තැන..ඉතිං වෙලාවක ගිහින් බලන්න..

"

17 July 2018

Anynomous

"

කුරුණෑගල පහු කරන් දඹුල්ල පාරේ අනුරාධපුර ,පොලොන්නරුව ,යාපනේ ,ත්‍රිකුණාමලය ,දඹුල්ල යන කාට වුනත් මහන්සිය නිවා ගන්න වගේම පොඩ්ඩක් වාහනෙන් බැහැලා කෑම ටිකක් තේ ටිකක් බොන්න නවත්වන තැනක් තමා බඩගමුව කැලේ කියන්නේ.. සුන්දර වනයක් මැදින් පාර දිවෙන තැනක් බඩගමුව රක්ෂිතය . මෙතන පාර දෙපැත්තේ නැවතිලා මහන්සිය නිවාගෙන ගියාට බොහෝ දෙනෙක් දන්නේ නෑ මෙම රක්ෂිතය තුලට ඇතුල්වෙලා ඒ ඇතුලේ තියන සුන්දරත්වය විදින්න අවස්ථාවක් තියෙනවා කියලා. අපි ගියා ඒ ගැන විස්තර එකතු කරගන්න.. අවාසනාවට කැමරා නම් ගෙනියන්න දෙන්නේ... නෑ නීතීමය තත්ත්වය මත. ප්‍රවේශපත් ලබාගන්න ඕනා ඇතුල් වීමට. එකක් රුපියල් 25ක් වගේ වෙන්නේ. පැයක පමණ ඇවිදීමක් තියනවා සුන්දර අත්දැකීමක් ගොඩක් එකතු කරගන්න.. අපි ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ කීපයක් තියනවා.. ඉතිං වෙලාවක් තිබුන ගමන් ගිහින් බලන්න.. ඇතුලේ අට්ටාලයක්. කුඩා වැවක්. පාරුවක් වගේම වෙහෙස නිවාගන්න ස්ථාන කීපයක් තියනවා.. කියන්න ඕනා ගියාට කමක් නෑ මේ තැන රැකගන්න.. ඒ අපේ ඉල්ලීම .. අපි තිරික්කලේ..

See more "

07 July 2018

Anynomous

"

"

05 July 2018

Anynomous

"

දඹුල්ලේ trip එකක් ගිහින් යන තැන් list එක කොහමද. සීගිරිය,දඹුල්ල රජමහ විහාරය, පිදුරංගල , කලුදිය පොකුන වගේ තව තැන් කීපයක් නේද ඔය list එක. අපි පිදුරංගල වගේම කලුදිය පොකුන ගැන කීවා. අද අරන් එන්න යන්නේ ඒ වගේ තව තැනක්.. ඔය ඔක්කම බලන් එනගමන් දඹුල්ල පසු කරන් කුරුණෑගල පැත්තට කිලෝමීටර කිහිපයක් ආවම වැඩි මහන්සියක් නැතුවමහොයාගන්න පුලුවන් පාර ලගම තියන තැන්ක්.. දැකලාත් ඇති.මෙතන ඉතිහාසය පුරාවිද්‍යාත්මක පසුබිම වගේම පුරාවිද්‍යා වටිනාකම පිලිබඳව විස්තර ගොඩක් අපිට මෙතන විස්තරයක් විදියට දාන්න අමාරු...යි . කියන්න යන්නේ ඉබ්බන්කටුව මහශිලා සුසාන භූමිය පිලිබඳව. ප්‍රවේශ පත්‍රයක් ලබාගන්න ඕනා බලන්න යන්න නම්. ලොකු මුදලක් නෙවෙයි. ඉතාම සුලු මුදලක්. ඒ වගේම එයට උපරිම සාධාරණයක් කරන පැහැදිලි කිරීමක් වුව්ත් ලබාගන්න පුලුවන්. අවුරුදු 2700කට පමණ පෙර කාලයේ තිබූ සුසාන භූමියක් වන අතර මෙහි තිබූ නටබුන් තුලින් එම කාලයේ තිබූ තාක්ෂණය පිලිබද හොද දැනීමක් ලබාගන්න පුලුවන්.. ඒ වගේම තිබුන විලාසිතා පිලිබදවත් යම් හෝඩුවාවන් කීපයක්ම මේ ස්ථානයේ කල කැනීම් වලින් ලබාගත් දේ තුලින් සිතාගන්නට පුලුවන්. ඉතිං විස්තර ගොඩක් ගිහින් බලාගන්න.. ඒ වගේම කියන්න ඕනම දෙයක් තමා මෙතන නඩත්තු කටයුතු ඉතාමත් උසස් මට්ටමින් පවත්වාගෙන යනවා. ඉතාම පිරිසිදුව වගේම හොද සැලකිලිමත්කමෙන්. එහනම් ආරාධනා කරනවා තිරික්කලේ අපි යන එනගමන් පොඩ්ඩක් ගොඩ වෙලා එන්න කියලා.. අපේ රටේ ඉතිහාසය දැකගන්න තියන හොද තැනක්. මතක් කරන ඕන මෙතන සමහර ස්ථාන චායාරූප ගැනීම තහනම්.. ඒ වගේම ඇල්ලීමත් තහනම්.. අපි දුටුවා එම වැරදි කරනවා. මේවා රැකගන්න කියලා ඉල්ලන ගමන් ආදරෙන් ඉල්ලන්නේ රටට ආදරේ කරන සංචාරකයෙක් ලෙස සංචාරය කරන්න.. අපි තිරික්කලේ .

See more "

22 March 2018

Anynomous

"

කිතුල්ගල වෝටර් රාෆ්ටින් (water rafting ) විතරද කරන්න තියෙන්නේ ..? උත්තරය ගොඩක් අයට නම් "ඔව් ,වෙන මොනව කරන්නද".. අපිටත් ඔහම උත්තරයක් තමා තිබුනේ. ඒ වුනාට ඕකට නෑ තව ගොඩක් දේවල් තියනවා බලන්න කියලා උත්තරයක් දුන්නේ adventure explore එකේ සංජීව අයියා සහ අපේ සමිතයා. මචං උබලට බලන්න පුලුවන් බෙලි ලෙන.ඒක බලලා වරෙන් Rafting කරන්න. ඔන්න දුන්නා අදහස. ක්රියාත්මක කිරීම #තිරික්කලේ අපි. කිතුල්ගල නගරය පහු කරන් හැටන් පැත්තට එනකොට වමටද,හැටන් ඉදලා පොලිස් මුරපොල පහුකරන් 2Km ක් වගේ එනකොට දකුනටද බෙලි ල...ෙනට යන අතුරු පාර තියනවා. අපි බයික් දෙක්ක තමා ගමන පටන් ගත්තේ. ඒ පාර දිගේම යන්න තමා තියෙන්නේ. රබර් වතු ටික පහු කරන් තේ වතු හමු වෙනකන් යන්න . එහම ගියාම එක තැනකින් නැවත් උඩට එහම නැතිනම් දකුනට තියනවා පරක්. ඒ පාරෙන් ආපහු යන්න පටාන් ගන්න. ඔන්න ඕක දිගේ ඔහම යන කොට කුඩා ඉස්කෝලයක් ගාවින් තුංමන්හන්දියක් හම්බවෙනවා. එතනින් පහලට තියන පාර. ඒ කියන්නේ දකුනේ පාර තෝරන් යන්න.. එහම 1km විතර ගිහින් ආපහු වමට තියනවා පාරක් ගම මැදින්. ඒකෙන් යන්න.. ඔන්න අවසානයේ තැනකට ඒවි. එතනින් වාහන නවත්වලා යන්න පටන් ගන්න පයින්.. ලස්සන පඩි පෙලක අවසානයේ බෙලි ලෙන. ඔන්න යන විස්තරේ කීවා. වැදගත්කමක් ගැන කියන්න ආවොත් මේක ප්රාග් ඓතිහාසික යුගයට යනකම දිවයනවා. ඒ අවුරුදු 12000කටත් කලින්. ඒ මානවයාගේ මුල් පුරුකේ අය මෙහි සිටි බවට සාධක මෙහි තිබී හමුවීමයි.එම නිසා මෙය පුරාවිද්යා වටිනාකමක් සහිත ස්ථානයක්. මෙතන ලෙන් 3ක් දැකගන්න පුලුවන්. මැද තිබෙන ලෙන තමා විශාලතම ලෙන. ඒ වගේම දකුනට වන්නට තිබෙන ලෙන තමා අලංකාරම. මොකද ලෙන ඉදිරියෙන් ඇද වැටෙන පුංචි දිය ඇල්ල.. ඒ වගේම ඉදිරි දර්ශනය. අපි ගොඩක් විස්තර කියනවාට වඩා ගිහින්ම බලන්න.ඒ වගේම අපි එකතු කරලා තියන පිංතූර කිහිපය පොඩි අදහසක් දේවි ඔයාලට. තිරික්කලේ අපි ගමන ගියා. ඉතිං පරිසරයට ආදරේ කරන අපේ දේ රැකගන්න ,එයට ආදරේ කරන සංචාරයේක් විදිහට ගිහින් බලන්න. අපි වින්දනාත්මක රස්තියාදු තවලමේ ගැල්කරු "#තිරික්කලේ"

See more "

27 January 2018

Anynomous

"

කාලෙකට පස්සේ.. ඒ කියන්නේ මාස ගානකට පස්සේ #තිරික්කලේ ආපහු හිත හැරුන අතකට හිස හරවන් දුවන්න ගත්තා ආසාවෙන්..ඒ ඇබර්ඩීන් දිය ඇල්ල බලන්න .. ගමන නම් දිය ඇල්ලම විතරක් නෙවෙයි. හැබැයි යන්න තියන ලිස්ට් එකේ උඩම තිබුන තැනක්. තිරික්කලේ කරත්තකාරයන් 4යි. ඇස්කොට් ,මයිටා, මුදියා, චාමර ඔන්න සෙට් එක. තව මෝටර් සයිකල් 2යි. වරකාපොලට තමා එකතු වෙලා රුවන්වැල්ල කිතුල්ගල හරහා තමා ගමන් අපි ගියේ. කිතුල්ගල නගරය පහු කරන් හැටන් දෙසට යනකොට තියන පොලිස් මුරපොල අසල ලක්ශපාන පාරෙන් තමයි අපි ගියේ. ඒ පාරට අමතරව තව ටි...ක දුරක් හැටන් පැත්තට ගියාම දකුනට තියන පාරකින් වගේම ,ගිනිගත්හේන නෝටන්බිරිජ් හරහා ඇවිල්ලත් එන්න පුලුවන්. මෙතන පඩි 200ක් විතර පහලට බහින්න තියනවා. කූඩැල්ලන්ගෙන් පොඩි පොඩී ප්‍රශ්න තියනවා හැබැයි.පහලට ගියාම නැරඹීමට තියන ස්ථානය ඉතා ආකර්ශනීය විදියට සකස් කරලා තියනවා නිදහසේ දිය ඇල්ලේ සුන්දරත්වය උපරිම ලෙස විදගන්න පුලුවන් වෙන්න. දිය ඇල්ලේ වතුර සාමාන්‍යයෙන් තියන දවසට තමා මේහි සුන්දරත්වය උපරිමයෙන් විදගන්න පුලුවන්. මොකද එවිට මෙහි වැලිතලාව හොදට පේන්න තියේනවා වගේම බයක් නැතුව ඒක් දිගේ දිය ඇල්ල කඩා හැලෙන තැනටම යන්න පුලුවන් වෙනවා.තව දිය ඇල්ල පිටි පස්සට වුනත් යන්න පුලුවන්. හැබැයි පරිස්සමින්. වැලිතලාවෙන් පිට ඉතාමත් ගැඹුරු බව කාට වුනත් පේනවා. එහනම් පොඩි විස්තරයක් තමා කලේ.මොන පැත්තකින් ගියත් පැයක විතර දුරක් යන්නම වෙනවා. හැබැයි සුන්දරත්වය එක්ක බැලුවම ඒක ලොකු පාඩුවක් නෙවෙයි.. ලගදී පටන් ගත්ත පොඩි බෝට්ටු සේවාවක් වගේම ජීවිත ආරක්ෂක කබා ලබාදෙන සේවාවක් මෙතන තියනවා. වාහන නවත්වන ගෙදර අයියගෙන් පොඩ්ඩක් අහන්න ඒ ගැන. ලොකු විනෝදයක් එකතු කරගන්න පුලුවන් එයින්. එහනම් ඉතිං ඔන්න තිරික්කලේ තව තැනක් ගැන සරල විස්තරයක් ගෙනාවා. ගිහින් බලන්න.. හැබැයි මෙතන රැකගන්න. පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් වගේ සංචාරය කරන්න. අපි වින්දනාත්මක සොබාදම් රස්තියාදුකාරයෝ "#තිරික්කලේ "

See more "

19 January 2018

Anynomous

"

#Thirikkale proudly present #dolukanda #hike and #expedition. Thank you very much those who have participate this unforgettable moment. keep in touch with #thirikkalee for your next event. #thirikkalee #dolukanda #hike #expedition #trekking #fun #travelling #friends

වින්දනාත්මක රස්තියාදුවක හරවත් වූ රසවත් මතකයන්ට #traveling කලාවේ වෙනස් වූ සොබාදහම් #cult එක "#තිරික්කලේ"

"

30 November 2017

Anynomous

"

Riverstone, pitawala pathana, punchi lokanthaya, Attenwala relaxing weekend with Supun Madushanka and his friends.Thanks for choosing #thirikkalee as your travel partner and thanks those who have participate this event. #තිරික්කලේ

"

14 November 2017

Anynomous

"

Ishangi Tolushima, Roshan Chathuranga, Isuru Udara, Dilini Vero, Chithranga Edirisooriya Relaxing weekend. Thanks for choosing #thirikkalee as your travel partner and thanks those who have participate this event to get it successful. keeping touch with us #thirikkalee.

"

13 November 2017

Anynomous

"

Mashi and her friends at nildiya pokuna. Thanks for choosing #thirikkalee as your travel partner and thanks those who have participate this event to get it successful. keeping touch with us #thirikkalee #ella #nildiya_pkuna #cave_exploring

"

12 November 2017

Anynomous

"

තැනක් හම්බවුනා යමුද....? ටිකක් දුර හැබැයි. ගොඩක් දවසකින් යන්න බැරි වුන නිසා ගමනට සෙට් වුනා. වැඩ වැඩි නිසා ගොඩක් ය නම් නෑ. ඔක්කම තුන්දෙනයි. ඇස්කොට්, රුවානා, මායිටා. ඔන්න සෙට් එක. යන්න තෝරාගත්තේ මොණරාගල,සියබලාණ්ඩුවේ ගොවින්දාහෙලා (Westminster Abbey). ඔක්කම සෙට් වෙන්න කතා කරගත්තේ මොණරාගලට. කුරුණෑගලින්, රත්නපුරේ වගේම තිස්ස ඉදලා මොණරාගල ඇවිත් සෙට් වෙනකොට හවස 3 විතර වුනා. මොකද බස් වල ආපු ගමනක් නිසා ඒ වෙලාව යනවා. මොණරාගල ඉදලා බුද්ධම බස් එකේ ගිහින් 9 කනුව හෝල්ට් එකෙන් බහින්න. ඔන්න ඔහම...යි බස් එකේ නම් යන විදිහ. අම්පාරබස් වලත් එන්න පුළුවන්. මොණරාගල ඉදලා රුපියල් 95 ක් තමයි ටිකට් එක. හංදියෙන් බැහැලා බුද්ධම පාරේ නෙවෙයි අම්පාර පාරේ මීටර් 300ක් විතර ගියාම ශ්රී බුවනෙකබා විහාරය ලගින් තමයි නගින්න පටන් ගන්න තියෙන්නේ. මේ කන්ද මීටර් 600 විතර උසයි. අපි එතනට යනකොට නම් හවස 5ට ලගයි. පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් එහම අවසර අරන් ඒ කළයුතු වතාවත් එහම කරලා තමා පිටත් වුනේ. හැබැයි ඔක්කම කිවේ වැස්ස වගේම කළුවර නිසා උදේ යන්න කියලා. හැබැයි නවතින්න ගල් ගුහාවක් හොයාගන්න කියලා ගමනට සුභ පැතුවා. පැයක් විතර යනකොට වැස්ස අපේ ගමනට පොඩි බාධාවක් දැම්මා. කළුවරට වඩා වැස්ස අපේ හරහට හිටියා. අපි ඒ නිසා තීරණය කළා වැස්ස නවතිනකම් පොඩි ගල්ගුහාවක ඉන්න. පැය දෙකක වැස්සෙන් පස්සේ ආපහු රාත්රී 8 ට විතර ආපහු අපි ගමන පටන් ගත්තා ටෝච් එළියෙන්. අපේ ඉලක්කය වුනේ මුදුනට ටිකක් පහලින් තියන ගල්ගුහාව හොයාගන්න. අපි 9.30 වගේ වෙනකොට එතනට ලගාවුණා. ඒ වෙනකොටත් අපි හොදටම තෙමිලා වගේම ගෙනාපු ගොඩක් දේවල් වැස්සේ තරම පෙන්නමින් තෙමිලා. ගින්දර ටිකක් නැතුව අපි කුඩාරම අමාරුවෙන් අටවන් කෑම ටිකත් හදන් රාත්රිය ගෙවන්න සූදානම් වුනා. හැබැයි මහා පාන්දර කඩා වැටුන මහා වැස්ස අපිට ආපහු කුඩාරම වෙන තැනකට ගෙනියන්න වැඩ සිද්දකරා. පහුවෙන්දා උදේම අපි උඩට ගියා. කැඩුන ඉනිමන් වලින් ගමන පහසු වුණා. අවසානයට අපි උඩට ආවම ඔක්කම මහන්සි අමතක වුනා. සුපුරුදු පරිදි එක විස්තර කරන්න නම් අපේ ලියන හැකියාව රස මදි. අපේ බලාපොරොත්තුව තිබුනේ උඩ රාත්රීය ගතකරන්න. වැස්ස නිසා එක බැරි වුනා. ඒ වගේම බලන්න දේවල් ගොඩක් තියනවා උඩ. එහනම් අලුත් තැනක විස්තර අපි ගෙනාවා. අපේ යාළුවා සංදීපන් අනිවාර්යෙන් මතක් කරන්න ඕනා. ඒ වගේම විහාරස්තානයී නායක ස්වාමීන්වහන්සේවත් නමස්කාර පුරකව මතක් කරනවා. ඒ වගේම උදේ ආහාරය දුන්න ඒ විදේශීය උපාසක මාතාවත් අනිකුත් දායක සභාවේ සියලුම අයවත් මේ වෙලාවේ ආදරේන් මතක් කරන්න ඕනමයි.ඒ ලෙන්ගතුකම් හැමදාම අපිට ලැබුනා වගේම හැමදාමත් වටිනවා. එහනම් ගිහින් බලන්න. හැබැයි හැමදෙයක්ම රැකගෙන. ඒ #තිරික්කලේ අපේ ඉල්ලීම. විස්තර දැනගන්න අපිට කතා කරන්න පණිවිඩයක් තියන්න. ආයෙම ලිපියකින් හමුවෙමු. අපි #තිරික්කලේ

See more "

01 November 2017

Anynomous

"

"කන්දක් උඩම කෑම්පින් කරන්න ඕනද..?" ඕකට තිරික්ක්ලේ අපේ උත්තරය තමා "නෑ" කියන එක. වෙනස් අත්දැකීම් එකතු කරගන්න තමයි අපි හැම වෙලේම දගලන්නේ පොරකන්නේ. ඒ කියන්නේ උත්සාහ කරන්නේ.. අන්තිම සංචාරය අපි දඹුල්ල පුරා කරනකොට වෙනස් තැන් ටිකක් අපි ගෙනාවා. ඒ වගේම නවතින්න වුනත් අපි තෝරගත්තේ වෙනම වෙනස් තැනක්. අපේ සගයා චූලා තමයි තැන් ගැන කීවේ. කන්ඩලම වැවේ තැනක් තමයි මේ. හෑබෑයි වතුර වැඩි කාලෙටනම් මෙතයන වතුරෙන් යටවෙනව අපි ගියෙ තරමක් වතුර අඩු කාලෙ.අපි රෑ ගත කරන්න තෝරගත්තේ තියන සුන්දරත්වය නිසාමයි.. ඒ වග...ේම ඒ අවට බලන්න ලස්සන පරිසරයක්. ඈතින් කන්ඩලම හොටෙල් එක වගේම කදු පන්තියත් හැඩට පේනවා. ඒ වගේම මෙතනට පහසුවෙන් වාහනේකින් ලගා වෙන්නත් පුලුවන් .. රෑ වෙනකොට හද එලියත් කන්ඩලමේ හෝටලේ ලයිට් එලියත් වැවට වැටිලා මවන සුන්දරත්වය කොහම කියන්නද තේරෙන් නෑ.. විස්තර නම් ඔය ටික තමා කියන්න වෙන්නේ.. වැඩි විස්තරයක් කියන්න බෑ. ඒ එතන සුන්දරත්වය රැකගන්න අපි දායක වෙන්න ඕන නිසා. හැබැයි අපි විස්තර අවශ්යතාවක් ඇති අයට ලබාදෙන්න කැමතියි .. ලෝබ කමකට අපි එහම කරනවා නෙවෙයි. යන්න හිතුනොත් අපිට කියන්න.. යන්න.. පරිස්සමින් ඒ පරිසරය රැකගනිමින් විනෝද වෙන්න අත්දැකීමක් එක් කරගන්න.. අපි තිරික්කලේ.

See more "

27 October 2017

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :