AroundMaps Logo
Search
Add Listing

About Mahinda Daham Pasala

අපගේ දැක්ම.
තමන් නිවුනු සැනසුම ,සමාජය නිවන,සනහන අයෙකු බිහි කිරීමයි.

Tags

Description

මහින්ද දහම් පියස......
ශ්‍රිලංකාව විදේශ ආධිපත්‍යයට නතුවීමෙන් පසුව ශ්‍රීලංකාව තුල බෞද්ධ සිතුවිලි බෞද්ධ අධ්‍යාපනය , බෞද්ධ සංස්කෘතිය දිනෙන් දිනම පරිහානිය කරා ලංවිය.මෙවන් ශෝචනීය කාලපරිච්ඡේදයකදී යම් අරුණාලෝකයක් දෙමටගොඩ ප්‍රදේශවාසින්ට ලැබෙන්නට විය.එනම් වර්ෂ 1911 දී මහින්ද දහම් පියස ස්ථාපිත විය ඒ පුංචි පොල් අතු පැලක සිසුන් සත් දෙනෙකුගෙන් යුතු දහම් පියසක් ලෙසිනි.මෙය එකල දෙමටගොඩ සහ ඒ අවට ප්‍රදේශයන් සදහා වූ එකම දහම් පාසල විය.
ධර්මප්‍රසාද නම් සමිතියෙන් මිහිදු ගුණ සැමරීම සදහා 1911 පොසොන් මස ආරම්භ කල මහින්ද දහම් පාසල වර්ෂ 1916 දී සද්ධර්මාමෘතදාන සමිතියට භාරකාරත්වයට පවරන ලදී.
එකල සද්ධර්මාමෘතදාන සමිතියේ නායකත්වය දැරූ එච්.ඩී.ධර්මසිරිවර්ධන මහතා මහින්ද දහම් පාසලේ ආදී කතෘවරයානන් වශයෙන් මහින්දය වෙනුවෙන් නොමැකෙන මෙහයක් ඉටුකරන ලද්දේය.ඒ සදහා එකල ඒ.ඊ.ගුණසිංහ ,රත්මලානේ ධර්මාරාම නාහිමි,එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක ,සර් ඩි.බ්.ජයතිලක වැනි උගත් ගිහි පැවිදි ප්‍රභූන් රාශියක්ද එක්ව සිටියෝය.
මහින්ද දහම් පාසල තුලින් බෞද්ධ අධ්‍යාපනය පමනක්ම නොව දුවා දරුවන්ගේ කථික , ගායනා,දැනුම මිනුම ආදී කුසලතා වර්ධනය සදහා ගෙවි ගිය වර්ෂ 104 පුරාවටම කටයුතු කරණ ලද්දේය.ආදි කතෘ ධර්මසිරිවර්ධන ගුරුපියානන්ගේ යුගය මෙන්ම, මහින්දයේ නොමැකෙන නාමයක් වූ මියුලින් රණසිංහ ගුරුමෑනියන්ගේ යුගය, වර්තමාන විදුහල්පතිනී ඩබ්..කේ.ඩි.කරුණාලතා ගුරුමෑණියන්ගේ යුගයන් තුලදී මහින්දයෙන් අධ්‍යාපනය ලැබූ දූ දරුවන් සමජයේ උසස් තැන්හී වැජබෙන්නට විය.
වර්ෂ 104 පුරාවට බොදු දුවා දරුවන්ට දහම් අධ්‍යාපනය මෙන්ම කුසලතා වර්ධනය සදහා මහගු සේවයක් ඉටු කල මහින්ද දහම් පාසල ඉදිරියටත් තවත් සියවස් ගනණක් පුරාවට එම කාර්යයෙහි නියතු වීම සදහා කැපවී සිටින්නේය.

Map

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :