AroundMaps Logo
Search
Add Listing

About St. Lazarus’ Church, Wewala

Official page of St.Lazarus’ church, Wewala, Piliyandala

Tags

Map

Item Reviews - 19

Anynomous

"

සුබ අස්න – ශු. ලූක් 8:16-18

16 ”කිසිවෙකු පහනක් දල්වා බඳුනකින් වසන්නේ වත් යහනක් යට තබන්නේ වත් නැත; එහෙත්, ඇතුළු වන්නන්ට එළිය පෙනෙන පිණිස පහන්රුක උඩ තබති. 17 ඒ නිසා හෙළි කරනු නොලබන සැඟවුණු දෙයක් නැත; නොහොත් ප්‍රකාශයට පත් නොවන, හෙළි නොවන කිසි රහසක් ද නැත. 18 එබැවින් ඔබ සවන් දෙන්නේ කෙසේ දැ යි විමසිල්ලෙන් සිටින්න. මන්ද, යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; යමක් නැති තැනැත්තාගෙන්, තමාට ඇතැ යි සිතන දෙය පවා පැහැරගනු ලැබේ.”

"

24 September 2018

Anynomous

"

•#HisWord•

"

20 September 2018

Anynomous

"

Forgiveness ✝️❤️

"

16 September 2018

Anynomous

"

සුබ අස්න – ශු. මාක් 8:27-35

27 ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයෝ ද පිලිප්පි කායිසාරියේ ගම්වලට නික්ම ගියහ. මඟ දී උන් වහන්සේ, කතා කරමින්, ”මා කවරෙකු කියා මිනිස්සු කියත් දැ”යි ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. 28 ඔව්හු උත්තර දෙමින්, ”සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’යි කියති; සමහරෙක්, ‘එලියා ය’යි කියති; අන් සමහරෙක්, ‘දිවැසිවරයන්ගෙන් කෙනෙකැ’යි කියති”යි පැවසූ හ. 29 ”මා කවරෙකු කියා ඔබ කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය. 30 උන් වහන්සේ ද තමන් ගැන කිස...ිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අණ කළ සේක.

31 එවිට උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරනු ලබන්නටත්, තෙ දිනකට පසු නැවත නැඟිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන්ගත් සේක. 32 උන් වහන්සේ මේ ගැන ප්‍රසිද්ධියේ ම කතා කළ සේක. එකල පේදුරු උන් වහන්සේ පසෙකට ගෙන, උන් වහන්සේට තදින් චෝදනා කෙළේ ය. 33 උන් වහන්සේ හැරී, සිය ශ්‍රාවකයන් දෙස බලා, පේදුරුට තදින් චෝදනා කරමින්, ”සාතන්, අහකට යව, නුඹ සිතන්නේ, මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක. 34 එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව සමූහයා තමන් වෙත කැඳවා ඔවුන් අමතා මෙසේ වදාළ සේක: ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරා, මා අනුව ඒ වා! 35 සිය ජීවිතය රැකගන්න තැත් කරන යමෙක් වේ ද ඔහු එය නැති කරගනියි. මා උදෙසාත්, සුබ අස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේ ද, ඔහු එය රැකගනියි.

See More "

16 September 2018

Anynomous

"

•His Word•

"

12 September 2018

Anynomous

"

ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ මය. ( ශු. මාක් 11 : 24 )

"

10 September 2018

Anynomous

"

සුබ අස්න – ශු. මාක් 7:31-37

31 යළිත් උන් වහන්සේ තීර් පෙදෙසින් පිටත් ව, සීදොනය මැදින් ගොස්, දෙකපොලිස පෙදෙස පසු කොට ගලීල මුහුද ළඟට පැමිණි සේක. 32 එකල සෙනඟ වික්කල් බිහිරෙකු උන් වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන් වහන්සේගෙන් උදක්ම ඉල්ලූ හ. 33 උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක. 34 ඉන්පසු ස්වර්ගය දෙස බලා, සුසුම් ලා, ”එප්පාතා”යි ඔහුට වදාළ සේක. එහි අර්ථය, ‘ඇරේවා’ යනු යි. 35 එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය. 36 ඒ බව කිසිවෙකුට නොකියන්න උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක. එහෙත්, උන් වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක් ද, ඔව්හු එපමණටත් වඩා එය පතළ කළහ. 37 එය ඇසුවෝ අතිශයින් මවිත ව, ”උන් වහන්සේ හැම දෙය ම යස ලෙස කරන සේක; බිහිරන්ට ඇසීම ද ගොළුවන්ට බිණීම ද පවා සලසා දෙන සේකැ”යි කී හ.

Good luck - shau. Mark 7:31-37

31 යළිත් උන් වහන්සේ තීර් පෙදෙසින් පිටත් ව, සීදොනය මැදින් ගොස්, දෙකපොලිස පෙදෙස පසු කොට ගලීල මුහුද ළඟට පැමිණි සේක. 32 එකල සෙනඟ වික්කල් බිහිරෙකු උන් වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන් වහන්සේගෙන් උදක්ම ඉල්ලූ හ. 33 උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක. 34 ඉන්පසු ස්වර්ගය දෙස බලා, සුසුම් ලා, ”එප්පාතා”යි ඔහුට වදාළ සේක. එහි අර්ථය, ‘ඇරේවා’ යනු යි. 35 එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය. 36 ඒ බව කිසිවෙකුට නොකියන්න උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක. එහෙත්, උන් වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක් ද, ඔව්හු එපමණටත් වඩා එය පතළ කළහ. 37 එය ඇසුවෝ අතිශයින් මවිත ව, ”උන් වහන්සේ හැම දෙය ම යස ලෙස කරන සේක; බිහිරන්ට ඇසීම ද ගොළුවන්ට බිණීම ද පවා සලසා දෙන සේකැ”යි කී හ.Translated "

09 September 2018

Anynomous

"

#tbt. 164th Feast of St. Lazarus’ Church, Wewala. ⛪️1902

"

06 September 2018

Anynomous

"

නොමිලේ වෛද්‍ය සායනයක්, ඔබ සැමට ආරාධනා!

"

05 September 2018

Anynomous

"

Newly renovated “Cross” at Suwarapola junction.

"

03 September 2018

Anynomous

"

ඔබ සැමට ප්‍රීතිමත් මංගල්‍යයක් වේවා.

"

02 September 2018

Anynomous

"

⛪️ Celebrated the 164th feast day devotedly.

After mass the devotees traveled in procession together with statue of the St. Lazarus' that took them around and along the borders of the Parish. Many Catholic and non-Catholic welcomed the statue along the path. So also all the devotees returned to the church for the final blessing.

"

02 September 2018

Anynomous

"

⛪️ Vespers.

"

02 September 2018

Anynomous

"

⛪️ Celebrating the 164th feast day!

"

01 September 2018

Anynomous

"

⛪《St. Lazarus’ Church, Wewala》

"

30 August 2018

Anynomous

"

St. Lazarus’ Church, Wewala ( Feast day 02nd, September.)

"

29 August 2018

Anynomous

"

Our Lady of Grace.

"

25 August 2018

Anynomous

"

The feast flag of our church was hoisted devotedly yesterday.

"

24 August 2018

Anynomous

"

Lazarus of Bethany, also known as Saint Lazarus or Lazarus of the Four Days.

“38 Then Jesus, again groaning in Himself, came to the tomb. It was a cave, and a stone lay against it. 39 Jesus said, “Take away the stone.”

Martha, the sister of him who was dead, said to Him, “Lord, by this time there is a stench, for he has been dead four days.”

...

40 Jesus said to her, “Did I not say to you that if you would believe you would see the glory of God?” 41 Then they took away the stone [a]from the place where the dead man was lying. And Jesus lifted up His eyes and said, “Father, I thank You that You have heard Me. 42 And I know that You always hear Me, but because of the people who are standing by I said this, that they may believe that You sent Me.” 43 Now when He had said these things, He cried with a loud voice, “Lazarus, come forth!” 44 And he who had died came out bound hand and foot with graveclothes, and his face was wrapped with a cloth. Jesus said to them, “Loose him, and let him go.” John 11:38-44

See More "

18 August 2018

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :