AroundMaps Logo
Search
Add Listing

The Organic Fruits and vegetable Farmers

0

About The Organic Fruits and vegetable Farmers

Organic farming is a method of crop and livestock production that involves much more than choosing not to use pesticides, fertilizers, genetically modified

Tags

Map

Item Reviews - 8

Anynomous

"

ස්ටීවියා

"

20 July 2018

Anynomous

"

සෞඛය ප්‍රතිපත්තියට අනුකුල අඩු සිනි සාන්ද්‍රණයකින් යුතු ස්වභාවික පලතුරු සහ කිරි ආශ්‍රිත බීම වර්ග හඳුන්වා දීම සෞඛය අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය තීරණ මත ආපනශාලාතුල අලෙවි කරන ශරීරයට අහිතකර ක්ෂණික පාන වර්ග ඉවත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛය සේවා අධ්‍යක්ෂක ජනරාල් තුමන් විසින් සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් විසින් සියලු විදුහල්පති වරුන්ට සහ ආපන ශාලා හිමියන්ට දැනුම් දී ඇති බව මාධ්‍ය මගින් තොරතුරු පලවිය. එනමුත් ...මේ වන විට එම තීරණ ක්‍රියාත්මක නොවන බවත් සුපුරුදු පරිදි ආපන ශාලා හිමියන් තමන්ගේ සිතු මනාපය පරිදි කිසිදු පාලනයකින් තොරව කටයුතු කරන බවත් දැකගැනීමට ඇත.ඇතැම් මහා පරිමාන සමාගම් වල නිෂ්පාදනයන් රජයේ නීති රෙගුලාසි වලට පවා පටහැනි ලෙස සිනි මට්ටම දක්වන සංකේතයන් පවා නොමැතිව රෝහල් සහ පාසල් ආපනශාලා තුල කිසිදු බාධාවකින් තොරව බහුලව අළෙවි වන බව දැකගත හැක. නමුත් කරුණු විමසා බැලීමේදී ක්ෂණික බිම ලෙස අලෙවිකළ හැකි වෙනත් විකල්ප ස්වභාවික පානවර්ග නොමැති කම මෙයට ප්‍රධාන හේතුව බව ආපන ශාලා හිමියන්ගේ මතයයි. දැනට වෙළෙඳ පොළේ අලෙවියට තබා ඇති ක්ෂණික පාන වර්ග වන්නේ කාබනික බිම වර්ග කිරි ආශ්‍රිත බිම වර්ග සහ පලතුරු බිම වර්ගවේ.කාබනික බිම වර්ග 100% රසායනික ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වේ. පලතුරු බිම පලතුරු වලින් සකස් කරන ලද බව හැඟෙන සේ ලේබල් ගසා තිබුනද ඒ කිසිවක් නියම පලතුරු නිෂ්පාදනයන් නොවේ.අධික සීනි ,කෘතීම රසකාරක (Artificial flavors), ස්ථායිකාරක (stabilizer) සහ වෙනත් රසායන ද්‍රව්‍යඅඩංගු කර උෂ්ණත්වයට ලක් කිරීම මගින් නිපදවන බැවින් නැවුම් පලතුරුවල අඩංගු යහගුණය මේවායේ අන්තර්ගත නොවන අතර හුදෙක් පාරිභෝගිකයා නොමග යැවීමක් පමණක් සිදුවේ.මෙකි පලතුරු බිම මාස 6 ක පමණ කල් තබා ගත හැකි බව එම නිෂ්පාදන වල සඳහන් වේ. මිට අමතරව නැවුම් පලතුරු බිම වෙළඳපොලේ තිබුනද ඒවා අධික මිලකට අලෙවි කරන අතර රසගැන්විමට සිනි පමණක් යොදා ගන්නා බැවින් ඉහල සිනි ප්‍රතිශතයක් අඩංගු වේ. ඉහත සඳහන් ගැටළු සඳහා විසඳුමක් ලෙස සෞඛය ප්‍ර තිපත්තියට අනුකුල වන ලෙස අප සමාගම විසින් අඩු සිනි මට්ටමකින් යුතුව හා කිසිදු රසකාරක භාවිතයකින් තොරව 100% නැවුම් පලතුරු භාවිතයෙන් පමණක් නිපදවන ලද පලතුරු බිම දැනට වෙළඳපොළට හඳුන්වා දී ඇත. සෞඛය අමාත්‍යංශයේආහාර හා පාරිසරික ඒකකය විසින් දියවැඩියා රෝගීන්ගේ භාවිතය සදහා ද යෝග්‍ය කැලරි අන්තර්ගත නොවන සීනි වෙනුවට භාවිත කළ හැකි පැණිරසකාරකයක් ලෙස අනුමැතිය ලබා දී ඇති ‘ස්ටිවියා’(Steviya E960) නම් වන ස්වභාවික ශාක සාරය අපගේ නිෂ්පාදනයන් සඳහා යොදාගන්නා බැවින් අඩු සීනි මට්ටමක පවත්වාගැනීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම අපගේ පලතුරු නිෂ්පාදන රත් කිරීමකට ලක් නොකරන අතර උතුරවා නිචාගත් ජලය භාවිතාකොට පලතුරු වල යහගුණය එලෙසම ආරක්ෂා වන ලෙස නිපදවා ඇත. කිරි ආශිත නිෂ්පදනයන් ලෙස ඩෙලිෂ් සන්නාම නාමය යටතේ ඉතාම ඉහල අමුද්‍රව්‍ය භාවිතා කොට නිපදවන ෆලුඩා සහ අයිස් කෝපි පාසල් දරුවන් අතර ඉතාම ජනප්‍රිය වී ඇත.අඩු මුදලට ඇති කිසිදු කිරි ආදේශකයක් අප විසින් භාවිතා නොකරන අතර හයිලන්ඩ් කිරි පමණක් අපගේ නිෂ්පාදනයන් සඳහා යොදා ගැනේ. දැනට කොළඹ දිස්ත්‍රික්කය තුල පාසල් හා ආපන ශාලා සඳහා දිනපතාම අපගේ නිෂ්පාදනයන් සැපයුම් කෙරෙන අතර නිරෝගිමත් ජාතියක් උදෙසා සිදුකරන ලබන සත්ක්රියාවක් ලෙස පාසල් සඳහා අපගේ නිෂ්පාදන මිලිලීටර් 200ක් රු 60ක් වැනි සහනදායි මිලකට ලබාදෙනු ලැබේ. අනෙකුත් ආයතන සඳහා රු 70 ක මිලකට අපගේ නිෂ්පාදනයන් ලබාගත හැක.

See More "

20 July 2018

Anynomous

"

අද තරුණ තරුණියන් විතරක් නොමෙයි, මහළු වයසේ අය පවා බොහෝ සෙයින් රුචිකත්වයක් දක්වන්නේ ගත-සිත කුල්මත් කරවන් මේ චමත්කාරජනක පානයටයි. දහඩිය, විඩාව, පිපාසය නිවාලන පිරිසිදු සිසිල් වතුර වීදුරුවක් හෝ රස ගුණ ඇති තැඹිලි වතුර වීදුරුවක පහස වෙනුවට හැමෝගේම දෙතොල් සෙලවෙන්නේ පෙන දමමින් ඉතිරෙන කෝලා වීදුරුවක් වෙනුවෙනුයි. අපද්‍රව්‍යවලින් දූෂිත වුණ ගංගා දිගේ ගලාගෙන යන ජලය පෙන දමමින් උතුරා යන පැණි රස වීදුරුවක් බවට පත්වන හැටි අප බොහෝ දෙනෙක් හරි හැටි නො දන්නා කාරුණකි. නියමිත ප‍්‍රමිතීන්ට නිෂ්පාදනය කර ඇ...

Continue Reading "

23 November 2016

Anynomous

"

Sri Lankan Traditional Papaya-100% natural..No genetic modification

"

30 July 2016

Anynomous

"

ගොම කාබනික පොහොරක් ලෙස ඇත අතීතයේ සිට භාවිතා වන ස්වභාවික පොහොරකි..ගොම වලට අමතරව අවට ඇති ගව ගාල් වලින් එකතු කරගන්නා ගව මුත්‍රා මිශ්‍ර පස් අපේ ගොවිපළේ පොහොර වශයෙන් භාවිතා කෙරේ ..ගව මුත්‍රා වල නයිට්‍රජන් ,සල්ෆර්,ඇමෝනියා යුරික් ඇසිඩ් ෆොස්පේට් සෝඩියම් පොටෑසියම් මැග්නීසියම් කාබොලික් ඇසිඩ් කැල්සියම් ලුණු විටමින් A, B, C, D, E ලැක්ටෝස් එන්සයිම සහ තවත් ක්ෂුද්‍ර මුලද්‍රව්‍ය අන්තර්ගත වන බව මුලාශ්රයන්හි දැක්වේ

"

30 July 2016

Anynomous

"

ORGANIC PAPAYA

"

30 July 2016

Anynomous

"

PALMYRA TREES IN OUR FARM

"

30 July 2016

Anynomous

"

පළිබෝධ මර්දනයට කොහොඹ ඇට

කොහොඹ ගස අතීතයේ පටන් අප හොඳින් දන්නා පළිබෝධ නාශක හා ඖෂධීය ගුණයක් ඇති දේශීය ශාකයකි.

සාමාන්යයෙන් මීටර් 25 ක් පමණ උසට වැඩෙන කොහොඹ ගස බහුලව දක්නට ලැබෙන්නේ ශී්ර ලංකාවේ පහතරට වියළි කලාපයේ හා අතරමැදි කලාපවලයි. තෙත් කලාපයේ ද කොහොඹ ගස වගා කළ හැකි වුවත් ඵල හට ගන්නේ වියලි සහ අතරමැදි කාලවලය.

...

කොහොඹ ගසේ සෑම කොටසක්ම පළිබෝධ නාශක හැකියාව පවතින නමුත් පළිබෝධ නාශක හැකියාව වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ ඇටවලය. කොහොඹ ගසේ මාර්තු හා මැයි කාලවලදී මල් හට ගන්නා අතර අගෝස්තු හා ඔක්තෝබර් මාසවලදී ගෙඩි ලබා ගත හැකිය.

කොහොඹ ඇට ලබා ගැනීමට කොහොඹ ගෙඩියේ ඇටවල මාංසල කොටස සෝදා මද අව්වේ වියළා සිසිල් වාතාශ්රය සහිත ස්ථානයක හිරු එළියට නිරාවරණය නොවන සේ ගබඩා කළ යුතුය. එලෙස ගබඩා කිරීමෙන් අහිතකර දිලීර වර්ධනය අවම කර ඇටවල කි්රයාකාරි ද්රව්ය වැඩි කාලයක් ආරක්ෂා කරගත හැකිය. ගබඩා කාලය වර්ෂයකට අඩුවිය යුතුය.

කොහොඹ ඇටවල කි්රයාකාරි රසායනික සංයෝග 200 කට වැඩි ප්රමාණයක් දැනට සොයාගෙන තිබේ. ඒවා අතුරින් වැඩි කි්රයාකාරිත්වයක් ඇත්තේ ඇසචිරුක්ටීන් නම් සංයෝගය.

කොහොඹ ඇට ජල නිස්සාරකය විශේෂ 192 කට අයත් කෘමි පලිබෝධකයන් පාලනය කිරීම සඳහා සාර්ථකව යොදා ගත හැකිය. අප බහුලව වගා කරන බෝග වර්ග කිහිපයකට හානි කරන පහත සඳහන් පළිබෝධකයින් කොහොඹ ජල නිස්සාරකය මගින් සාර්ථකව පාලනය කළ හැකි බව පර්යේෂණවලින් සනාත වී තිබේ.

ගෝවා වගාවේ දියමන්ති පිට සහිත සලබයා, ලුපර් දළඹුවා, ගෙඩි විදින දළඹුවා.

බටු ශාකයේ පත්ර කනින්නා පත්ර කීඩෑවෝ කරටි හා ගෙඩි විදින දළඹුවන්, කොළ කන කුරුමිණියන් ද මයිටාවන්ගෙන් වන හානිද, බෝංචි ගසේ පත්ර කීඩෑවා, පැල මැක්කන් බෝංචි මැස්සා, කරල් විදින දළඹුවන්, මයිටාවන් ද, තක්කාලි ශාකයේ පත්ර කනින්නන්, ගෙඩිවිදින දළඹුවන් පැළ මැක්කන් ද විසිතුරු මල්වල පත්ර කනින්නන්, පැළ මැක්කන්, පත්ර කූඩිත්තන් යන පළිබෝධනයන් මර්දනයට කොහොඹ ඇට ජල නිස්සාරය යොදා ගත හැකිය.

කොහොඹ ඇට ජල නිස්සාරකය සාදා ගන්නා ආකාරය

පිරිසුදු කොහොඹ ඇට ග්රෑම් 40 ක් හොඳින් කොටා ජලය ලීටර් එකක් මිශ්ර කර පැය 12 - 24 පමණ අඳුරු ස්ථානයක තබා පසුවදා එම මිශ්රණය කිහිපවරක් මිරිකා පෙරා ගත යුතුය. පෙරණයට සබන් දියර ස්වල්පයක් මිශ්ර කර සවස් කාලයේ තද හිරු එළියට නිරාවරණය නොවන ලෙස සාමාන්ය ස්පේර් යන්ත්රයක් භාවිතයෙන් යෙදිය යුතුය. දින 07 - 10 කට වරක් ඉසීමෙන් සාර්ථක ප්රතිඵල ලබා ගත හැකිය.

කුඩුකර ගන්නා ලද කොහොඹ ඇට ජලය සමඟ මිශ්ර කර පැය 12 කට වැඩි කාලයක් තැබීමෙන් ඇටවල පවතින රසායනික සංයෝග ජලය සමඟ මුසුවෙයි. සවස් කාලයේ ඉසීම කළ යුත්තේ අධික හිරු එළිය නිසා නිස්කාරණයේ ඇති රසායනික සංයෝග විනාශ වී යාම අවම කර ගැනීමටයි.

එසේම රාති්ර කාලයට ශාක පත්රවල පූරිකා සිදුරු සම්පූර්ණයෙන් විවෘතව පවතින නිසා ශාකසාරය ඉතා හොඳින් ශාකයට උරාගනී.

බෝග සඳහා මිශ්රණය ඉසීමේදී නිර්දේශිත සාන්ද්රණය යෙදීම වැදගත්ය. නියමිත කාල සීමාවට අනුව ජල නිස්සාරයකය ඉසීමෙන් පළිබෝධ හානි සාර්ථකව මර්දනය කළ හැකිය.

ජල නිස්සාරකයේ විෂ සහිත රසායනික ද්රව්යයන් අඩංගු නැති නිසා පෙර අස්වනු කාලය අනුගමනය කිරීම අවශ්ය නැත. මෙම ජල නිස්සාරකය යෙදීම ඉතා ආරක්ෂාකාරී පළිබෝධ මර්දන ක්රමයකි.

පළිබෝධක නාශකයන් ලෙස කොහොඹ ඇට භාවිතයේ දි සැමවිටම වර්ෂයකට අඩුවෙන් ගබඩාකර තැබූ අලුත් බීජ පමණක් භාවිතා කරන්න.

See More "

30 July 2016

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :